බේරුවල ධීවර වරාය සහ හඳුනාගත් ප්‍රදේශ රැසක්ම විශේෂ කාර්ය බලකාය සහ කළුතර කොට්ඨාස පොලිස් ස්ථාන කිහිපයකම මෙහෙයවීම මත විශේෂ සෝදිසි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව බේරුවල ධීවර වරායේ ධීවර යාත්‍රා ,බේරුවල ධීවර වරායට ආසන්න ප්‍රදේශ සහ හඳුනාගත් පුද්ගලයින් පරික්ෂා කිරීම සිදු කල බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
එහිදී මත්ද්‍රව්‍ය සහ කේරළ ගන්ජා සන්තකයේ තබාගත් පුද්ගලයින් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ
මෙරට මුහුදු සීමාවේ සිදුවන ජාවාරම් මර්දනය කිරීම සහ ධීවර යාත්‍රා තුළ සිදුවන අපරාධ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුමකට සමගාමීව මෙම විශේෂ සෝදිසි කිරීම සිදු කර තිබෙන්නේ.