Wednesday, April 23, 2025

General line - 0115112241

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්



මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා තිබෙනවා 

මේ වන විට හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.