2023 වර්ෂයේ AAT ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කළ හොදම වාර්ෂික වාර්තාව සකස් කිරීමේ තරඟයේ සමස්ත ලංකාවේ විශිෂ්ටතම සම්මානය දිනා ගැනීමට කොළඹ D .S සේනානායක විද්‍යාලය සමත් වී තිබෙනවා.
ප්‍රශස්ත ම වාර්ෂික වාර්තා ත්‍යාග ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහබාගි වීය.
ප්‍රශස්ත ම වාර්ෂික වාර්තාවට හිමි රන් සම්මානය සහ සහතික පත්‍රයත් මුදලින් රුපියල් ලක්ෂයක ත්‍යාගයත් AAT ආයතන මගින් ලබා දුන් අතර එම තගයන් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අතින් කොළඹ D .S සේනානායක විද්‍යාලයට ලබා දුන්නා.