හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සමාජිකයින් පිරිසකට අයත් රුපියල් මිලියන 97කට අධික බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් නියෝගයක් නිකුත් කළා.
අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ කරුණු දැක්වීමක් සලකාබැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
දැනට සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ තම කොමිසමට පැවරී තිබෙන බලතල ප්‍රකාරව කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97කට අධික ස්ථාවර තැන්පතු බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට තීරණය කර තිබුණා.
එම තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඔක්තෝබර් මස 04 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි අදාළ බැකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළා.
එදින මෙම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් එහිදී නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.