Monday, March 3, 2025

General line - 0115112241

තැපැල් වෘත්තීය සමිති යළි වැඩවර්ජනයකට සැරසෙයි



යළිත් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ, ලබන 08 සහ 09 දෙදින තුළයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම විශ්වාසවන්ත මට්ටමකින් සිදු නොවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

එලෙස සංකේත වැඩවර්ජනයේ නිරත වන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.


මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වූ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මෙලෙස කරුණු දැක්වූවා.