දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම හෙට අලුයම සිදු කෙරෙනවා.
ලබන 14වනදා සිට ලබන 19වනදා දක්වා පේළි පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව අවසන් රන්දෝලි පෙරහැර ලබන 20වනදා වීථි සංචාරය කරන බවයි දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මධුශංක නෙත් නිවුස් වෙත කියා සිටියේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය සඳහා නෙත් එෆ් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.