සිරි දළදා වන්දනාවට සහ එහි රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ අවුරුදු 69,70,74 හා 80 යන වයස්වල පසුවූ සිව් දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.
එම එක් අයෙකු ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
අනෙක් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්ය නිලධාරිවරයා පියවර ගෙන ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේ.
විවිධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ගත වූ දින හතක කාලය තුළ දළදා වන්දනාවේ පැමිණි පුද්ගලයින් 300 ක පමණ පිරිසක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන් බොහෝ දෙනෙක් විජලනය හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්ව රෝහල ගතකර ඇති බවයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව සෞඛ්ය මධ්යස්ථන 09 ක් ක්රියාත්මක අතර එවායින් පසුගිය දින කිහිපයේ දී 3000 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
දළදා වන්දනාවට පැමිණ සිටිය දී රෝගි වන පුද්ගලයින් රෝහල් ගත කිරීම සඳහා රැගෙනයාමට සුවසැරිය ගිලන් රථ 07 ක් යොදවා තිබෙන බවයි මහනුවර දිස්ත්රික් ප්‍රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ සේනක තලගල මහතා පැවසුවේ.