Monday, March 3, 2025

General line - 0115112241

පොලීසියට නෙදර්ලන්තයෙන් සුනඛයින්



පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා නෙදර්ලන්තයේ සිට සුනඛයන් 35 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එම සුනඛයින්ගේ වටිනාකම රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් පමණ වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

එම සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වනවා.

මෙම සුනඛයන් නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත ගෙනැවිත්, එහි සිට ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ ගුවන්  භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මීට පෙර පොලිස් නිල සුනඛ කොට්ඨාසය සදහා සුනඛයන් ආනයනය කර ඇත්තේ 2018 වසරේදීයි.