ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
“උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් අතරින් පිරිසකට සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.
ජනතාවගේ ආර්ථික ගැටලු සඳහා ඉදිරියේදී විසඳුම් ලබා දෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.