ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන එළඹෙන 26වන සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන 26 වනදා රජයේ සියලුම කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කරමින් එම දැනුම්දීම සිදු කර තිබෙනවා.