රඹුක්කන, කුඩාගම ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කෑගල්ල කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් වෙළඳසැළක සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී නීති විරෝධී දුම්වැටි 140 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා රඹුක්කන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.