කොළඹ කොටුව, ගාලු පාරේ බම්බලපිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයක් අද සිට ලබන 16 වන දින දක්වා විටින් විට වසා දමන බව පොලිසිය පවසනවා.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය මෙන්ම බම්ලපිටිය බෝරා දේවස්ථානය ආශ්‍රිතව බෝරා ප්‍රජාවගේ විශේෂ ආගමික වැඩසටහනක් එම දිනවල පැවැත්වීම හේතුවෙන් එලෙස මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.
15,000කට අධික බෝරා බැතිමතුන් පිරිසක් එම ආගමික වැඩසටහනට එක්වනු ඇති බවටයි විශ්වාස කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඒ අනුව එම දිනවල පෙරවරු 08 සිට පෙරවරු 11 දක්වාත්, පස්වරු 01 සිට පස්වරු 03 දක්වාත්, පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වාත් බෝරා ආගමික වැඩසටහන් ක්‍රියාත්මකයි.
එම වේලාවන් තුළදී මුහුදු වෙරළ පාර, පැල්මයිරා පෙදෙස හන්දියෙන් බම්බලපිටිය දෙසට ඇතුල් වීම, හේක් පාර හන්දියෙන් කොල්ලුපිටිය දෙසට ඇතුල් වීම හා ගාලු පාර ආදිමලෙයි පෙදෙස හන්දිය ප්‍රදේශයෙන් රථවාහන ධාවනය සීමා කරන බවයි පොලිසිය පැවසුවේ.
එලෙස රථවාහන ගමනා ගමනය සීමා කෙරෙන මාර්ගවල විස්තර ඇතුළත් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුලත්.