පසුගියදා පැවති පාසල් රග්බි තරඟයකදී විනිසුරුවන්ට පහර දීම සම්බන්ධයෙන් විනිසුරුවන් සති දෙකක කාලයක් රක්බි තරග විනිශ්චය කිරීමෙන් ඉවත් තිබුනා.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රග්බි විනිසුරු සංගමය පවසා සිටියේ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ පාර්ශව කිහිපයකින්ම අවධානය යොමු කළ බවත් විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මුණ ගැසුණි බවද පවසා සිටියා
ඒ අනුව දැඩි විශ්වාසයකින් ලබන දොළොස් වෙනිදා නැවත රග්බි තරග විනිශ්චය කිරීමට එක්වන බව විශේෂ මාධ්‍ය හමුවෙදී පවසුවා.
තවද මාධ්‍ය හමුවේදී පවසා සිටියේ ලබන සිකුරාදා ඇවිලොක් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරඟය විනිශ්චය කරන අතර ගුවන් හමුදා රත්මලාන ක්‍රීඩාංගනයේ තරග විනිශ්චය නොකිරීමටත්,විනිසුරුවන්ට පහර දුන් අදාළ පාසලේ රග්බි තරග වලට සහභාගී නොවීමටත් තීරණය කර ඇති බවයි.