ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් සමග ඒකාබද්ධව පන්නල ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදීයි.
සැකකරුවන් වාකරේ සහ වඩුමුනේගෙදර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 41, 35 හා 33 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් වනවා.
ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය වනජීවී කාර්යාලය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මේ අතර දුර්ලභ ගණයේ වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් හා කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව මාරවිල ප්‍රදේශයේ දී සිදුකල වැටලීමකදීයි.
එහිදී කිලෝග්‍රෑම් 01ක් සහ ග්‍රෑම් 105ක් බර වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානම්ව සිටි එම සැකකරු යතුරු පැදියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාරදුන් බවයි.