Tuesday, March 4, 2025

General line - 0115112241

කතරගම ඇසළ පෙරහැරේ අලි කුලප්පුවෙන් 13 දෙනෙකු රෝහල් ගත කෙරේ



ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහැර ආරම්භවී වීදි සංචාරය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පෙරහැරේ සිටි අලියෙකු කුලප්පු වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම ස්ථානයේ දැඩි නොසන්දුන්කාරී තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් කතරගම වාර්තාකරු පැවසුවේ.

පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් එම අවස්ථාවේදී එකිනෙකා තෙරපීම සහ පෙරහැර භූමියෙන් ඉවත් වීමට උත්සාහ කිරීමේ දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි රොහල් ආරංචි මාර්ග පැවසුවේ.