ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව සහ අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.