Tuesday, March 4, 2025

General line - 0115112241

වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි - තැපැල් සේවකයනුත් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

කමල් සුරවීර- හේරත් ඒකනායක



රජය නියෝජනය කරන වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් හෙට සහ අනිද්දා දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය හා පළාත් සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේ රජයේ විධායක ශ්‍රේණි නිලධාරින් සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බැවින් එම දීමනාව තම සාමාජිකයන්ට ලබාදෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

මේ ඒ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න.  


එමෙන්ම ලබන 09 වනදා ගුරු සහ විදුහල්පතිවරුන් ද ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. 

රාජ්‍ය සේවකයන්ගේ ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට රජයක් ලෙස විසදුම් ලබා දීමට හැකි වුවත් ඇතැම් දේශපාලනිකව දියත් කරන විරෝධතාවලට විසදුම් ලබාදිය නොහැකි බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැවසුවේ.


මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ද අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.