Tuesday, March 4, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්



ජනාධිපතිවරණය පවත්වන දිනය ජූලි මස 17 වනදායින් පසු නිවේදනය කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජූලි 17 වනදායින් පසු මැතිවරණ කොමිසම වෙත බලය පැවරෙන බවයි.

මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කළේ සැප්තැම්බර් 17ත් ඔක්තෝම්බර් 16ත් අතර කාලය තුළදී ජනාධිපතිවරණය පවත්වන බවයි.      

ඒ අනුව ඉදිරියේ දී මැතිවරණ කොමිසම රැස්වී ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර අදාළ පෙත්සම හෙට දිනයේදී සලකා බැලීමට නියමිතයි.