Tuesday, March 4, 2025

General line - 0115112241

දකුණු කොරියාවට පියාසර කරමින් තිබූ ගුවන් යානයක් යළි කටුනායකට

ටී කේ ජී කපිල



දකුණු කොරියාවේ ඉන්චියොන් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය දෙකක ගුවන් ගමනකින් අනතුරුව යළිත් කටුනායකට ගුවන් තොටුපොළට ගොඩ බස්සා තිබෙනවා.

ඒ, එම ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්.A - 330 - 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වන එහි ඒ වනවිට ගුවන් මගීන් 144 දෙනෙකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනෙකු රැඳී සිට ඇති බවයි කටුනායක ගුවන්තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් කටුනායකට ගොඩ බැස්වූ එම ගුවන් යානයේ කාර්මික දෝෂය නිවැරදි කර යළිත් ඊයේ රාත්‍රියේම එම ගුවන් යානය දකුණු කොරියාවේ ඉන්චියොන් බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.