Tuesday, March 4, 2025

General line - 0115112241

ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි



හිටපු GA යාපනය උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධුරයද දරනු ලැබූ ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලයනල් ප්‍රනාන්දු මහතා මිය යන විට 88 වැනි වියේ පසු විය.

යාපනය; උතුරු නැගෙනහිර ආණ්ඩුකාරමෙන්ම මැලේසියාව, නෙදර්ලන්තය සහ ප්‍රංශයේ මහ කොමසාරිස් සහ  විදේශ ලේකම් සහ නැව් සහ ජාතික රක්ෂණ සංස්ථාවේ සභාපති වශයෙන්  ලයනල් ප්‍රනාන්දු මහතා තනතුරු ගණනාවක  කටයුතු කර තිබෙනවා.

ප්‍රවීණ කලාකාරිණිය සෝමලතා සුබසිංහගේ ස්වාමියා වූ ලයනල් ප්‍රනාන්දු ප්‍රවීණ නිළි කෞශල්‍යා ප්‍රනාන්දුගේ පියණන් වනවා.

මහාචාර්ය චන්දන අලුත්ගේ සහ ප්‍රියංකා නානායක්කාරගේ ආදරණීය මාමණ්ඩිය; රන්දිනී, රවීන්, හයිමි සහ හාන්ස්ගේ අපූරු සීයා; රුවන්ගේ ආදරණීය සීයා,ද වනවා 

ලයනල් ප්‍රනාන්දු ද රංගනයෙහි යෙදුණා. මහගෙදර, තිලක හා තිලකා, පරසතුරෝ වැනි සිනමාපටවල රඟපෑ ඔහු සරච්චන්ද්‍රයනගේ සුප්‍රකට මනමේ මුල්ම නිෂ්පාදනයේ වැදි දෙටු ලෙස රංගනය දායක වී තිබෙනවා..

දේහය ජූලි 08 සඳුදා උදෑසන 9.30 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘Respect’ ශාලාවේ මහජන ගෞරවය උදෙසා තැන්පත් කර තබන අතර එදිනම අවසන් කටයුතු පස්වරු 5.30ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.