Tuesday, March 4, 2025

General line - 0115112241

නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු බදුල්ලේදී අත්අඩංගුවට



තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු බදුල්ල, විහාරමහාදේවි පාසල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල, බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා බදුල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.