Tuesday, March 4, 2025

General line - 0115112241

සැලකිල්ලක් නොදැක්වූ ක්ෂේත්‍ර 14 ක් අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා යොමුකරගෙන තිබෙනවා - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා 



මෙතෙක් කලක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු  ක්ෂේතු 14 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී , අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු සඳහන් කළේ බදු ගෙවිය යුතු අංශ පිලිබඳව මේ ආකාරයෙන් අවධානය යොමුකළ වකවානුවක් කෙදිනකවත් නොතිබූ බවයි. 

ඒ අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට ඉඩදී නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියා.