අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ
ඒ සමගම තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය පවසන්නේ.
තුවාල ලැබුවන් හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා