අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ එම වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ගායන ශිල්පී කේ සුජීවා සහ තුවාල ලැබූ තවත් අයෙකු පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර ඇති බවද පොලිසිය පැවසුවා.
ඔරුවල ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටියදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිස එම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන් විසින් සිදුකළ ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් ටී 56 අවි දෙකක් භාවිත කර වෙඩි තැබීම සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.