Tuesday, March 4, 2025

General line - 0115112241

අසනීප වූ නිලධාරින් නිසා රජයේ ආයතනවල රාජකාරි ඇණ හිටී

ටී කේ මහින්ද-පාලිත ආරියවංශ-මාධව කුලසූරිය-කමල් සුරවීර



වෘත්තීය සමිති 200කට ආසන්න සංඛ්‍යාවක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක සේවා කටයුතු ඇණහිට තිබෙනවා.

කොළඹ පිහිටි රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීම සඳහා පැමිණි තමන් දුෂ්කරතාවලට ලක්ව සිටින බවයි ජනතාව පැවසුවේ.


මාතර ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සොයා බැලුවා. මේ, නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.


බදුල්ල දිස්ත්‍රික්කයේ ද රාජ්‍ය නිලධාරින් වර්ජනයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ පැවසුවේ.


උතුරු පළාතේ ද වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවා ලබාගැනීමට පැමිණි ජනතාව පීඩාවට පත්ව සිටින බව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවා.


අසනීප නිවාඩු වාර්තා කරමින් හෙට දිනයේ ද වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තී සමිති සම්මේලනයේ ජාතික සංවිධායක වී ඒ පී බස්නායක කියා සිටියේ.