Thursday, April 3, 2025

General line - 0115112241

වට්ස්ඇප් හරහා මත්ද්‍රව්‍ය බෙදූ හංවැල්ලේ පොඩි තිලිණගේ ප්‍රධාන ගෝලයා STF දැලේ



මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායිහි සැගව සිටින හංවැල්ලේ පොඩි තිලිණගේ මත්ද්‍රව්‍ය ජාවාරම වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ මෙහෙය වු ප්‍රධාන සැකකරු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම බලකායේ පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කිරිඳිවැල, මැද්දේගම හංදිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 980ක් සහ ජංගම දුරකථනයක්ද සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් හංවැල්ලේ පොඩි තිලිණට අයත් මත්ද්‍රව්‍ය කඩුවෙල, කිරිඳිවැල, පූගොඩ හා හංවැල්ල යන ප්‍රදේශවලට බෙදා හැර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.