Tuesday, March 4, 2025

General line - 0115112241

අතුරුගිරියේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සොයා ගැනේ



අතුරුගිරියේ වෙඩි තැබීමට යොදාගත් බවට සැකකෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් එතැන් සිට වෙනත් වාහනයකින් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විවෘත කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුවුණා. 

වෙඩික්කරුවන්ගේ ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. 

සිද්ධියෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ සුජීවා සහ තවත් පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා. 

තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.