Tuesday, March 4, 2025

General line - 0115112241

රාජ්‍ය සේවකයෝ බිල්ලට අරගත්ත jvp එක සුභ ආරංචිය අසුභ කරන්න උත්සාහ කරන බව ඇමති මනූෂ කියයි 



ඊශ්‍රායල් යන තරුණ තරුණියන්ට ලැබුණු අවස්ථාව හෑල්ලුවට ලක් කර තරුණ තරුණියන් පාරට ඇද දමමින් ජනතා විමුක්ති පෙරමුණ තරුණයන්ව  නොමග යවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා

ඊශ්‍රායලයට ගොස්  වැරදි වලට සම්බන්ද  පුද්ගලයන්  බ්ලැක් ලිස්ට් කිරීමට කටයුතු කරන බවත් මේ වන විට ශ්‍රායල් කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම හෝටල් ක්ෂේත්‍රයෙත් අටදහක රැකියා අවස්ථා ලැබිලා තිබෙන බව .අමාත්‍යවරයා එහිදී පවසා සිටියා 

මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති ඊශ්‍රායල් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත් වන විදෙස් ශ්‍රමික කණ්ඩායමක් වෙත ගුවන් ටිකට් පත් පිරින මේ අවස්ථාවට එක්වෙමින්..

 අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැන්නක්.

" විදෙස් ශ්‍රමිකයෝ වෙන්න බලාපොරොත්තුවෙන් මේ පිරිස ඇවිල්ලා ඉන්නේ..

පහුගිය දවස්වල ඊශ්‍රායලයට ගිය අය හදිසියේ අපිට එවන්න කියන්න වුණා..

මුල් කණ්ඩායම් වල යම් යම් අඩුපාඩු ඇතිවුණා..ඒ අඩු පාඩු උනේ අපේ අය නිසා..
 
ඊශ්‍රායල් කෘෂිකර්මාන්ත ඇනවුම් අපිට අඩු වෙලා තියෙනවා..
ශ්‍රී ලාංකිකයන්ගේ අඩුපාඩු නිසයි ඒක වුණේ..

අලුත් කණ්ඩායම් ගන්න බලාපොරොත්තුවෙන් ඒ අය ඉන්නවා..

මේ අය එහිදී කරන කර්තව්‍ය අනුව ඉදිරි කණ්ඩායම් වලට ඕගොල්ලෝ නිසා ඒ අවස්ථාව ලැබෙනවා ...

සුභ ආරංචියන වට අකමැති අයත් ඉන්නවා මේක සුභ ආරංචියක්..

ආරංචිය තමයි අටදාහක කණ්ඩායම් වලට..
පුහුණු ශ්‍රමිකයන්, අවශ්‍ය නැති අයට පුහුණු කරලා එවන්න පුළුවන්  එකඟතාවය පළ කරලා තියෙනවා..

අපිට ඒකේ ගිවිසුමක් ඇවිල්ලා තියෙනවා...

වෙනත් ක්ෂේත්‍රවලටත් යවන්න හදනවා. ආරංචිය සුභ වෙනකොට අසුභ වෙන කට්ටියක් ඉන්නවා..

ඒ අසුභ වෙන කට්ටිය තමයි ෆේස්බුක් එක කිව්වේ..නොයෙක් කතා කියන්න පටන් ගත්තා. ඒ අය අසුභ වෙනකන් වැඩනතර වෙනකම් බලාගෙන ඉන්නේ..

අද විදේශ කටයුතු කාර්යාංශයේ වැඩ මේ අය වර්ජනයක් නෑ..වෙහෙස මහන්සි වෙලා වැඩ..ඒ අය පඩි ඉල්ලලා පාරට බැහැලා නෑ..අද වෘතීය සමිති කිහිපයක් පාරට බැහැලා .
රට කඩාකප්පල් කරන්න හදනවා..

හවස් වෙනකොට සාර්ථකයි කියලා ටිල් ව්න්ලා,නුරලා ජෝසප් ස්ටාලින්ලා,ප්‍රසිද්ධිය කියනවා ඒගොල්ලන්ගේ වැඩපිළකටයි කියලා පාසල් දහදාහක් වැහුවාම..

පාසල් දහදාහක් වහලා ඒක සාර්ථකයි කියලා ජීවීප ය කියනවා..

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කලාම ඒ අය සාර්ථක වෙයි කියනවා..

බිලියන ගණනාවක් නය කපා ගන්න අපිට පුළුවන් වුණා..ණය ප්‍රතිව්වා ගත කිරීම සීයට සියයක්ම කරලා ලෝකයට බංකොලොත් නැහැයි කියලයි අපි පෙන්නන්න හදන්නේ..

මේ වෙලාවේ   රට කඩාකප්පල් කරන්න හදනවා..

මිනිස්සුන්ට යහපතක් වෙන එක තමයි මේ අනුරලා ටිල්වින්ලා වෘත්තීය සමිති කඩාකප්පල්  කරන්න හදන්නේ..

මේ සේරම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති..

පඩි වැඩි කරන්න කියලා ඉල්ලන්නේ..

හැම වෙලාවෙම ආණ්ඩුව වට්ටන්න තමයි ඒගොල්ලෝ හදන්නේ..

රට ඇතුලේ සංවර්ධනය වෙනකොට ඒවා කඩාකප්පල් කරනවා..

උරුමය අස්වැසුම නතර කරන්න හදනවා .මේවට  විරෝධතාවය හා කරන්නේ..  උත්සාහ කරන්නේ..88 89 වගේ උත්සාහ කරනවා..

අවුලක් නිර්මාණය කරන්න හදනවා..මේගොල්ලන්ගේ සිහිනය බොඳ වෙනකොට..

රාජ්‍ය සේවකයෝ බිල්ලට අරගෙන , රාජ්‍ය සේවකයන්ට පීඩනයක් ඇති කරන්න හදනවා,"