Tuesday, March 4, 2025

General line - 0115112241

අධිකරණයේ කාලය නාස්ති කළාට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවන්නත් පෙත්සම්කරුට නියෝග

උදය කුමාර



ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

එමෙන්ම අධිකරණයේ කාලය නාස්ති කිරීමක් සිදුකර ඇති හෙයින් පෙත්සම්කරු විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් මසක් තුළ ගෙවිය යුතු බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කෙරුණා.