Thursday, April 24, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කළ 07 දෙනෙකු ගලෙන්බිදුණුවැව දී අත්අඩංගුවට



ගලෙන්බිදුණුවැව, බමුණුත්තුව, ඇත්දත්ගල රක්ෂිත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරින් සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරිවඩුන්න, මන්දාරම්නුවර, අලව්ව, පඩිකාරමුල්ල, කුරුණෑගල හා ගලෙන්බිදුණුවැව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ගලෙන්බිදුණුවැව පොලිසිය පැවසුවේ.