කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පනත් කෙටුම්පත් දෙකකට සහතිකය සටහන් කර තිබෙනවා.
කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව වන පනත් කෙටුම්පත්වල සහතිකය කතානායකවරයා විසින් එලෙස සටහන් කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර විදේශ නඩු තීන්දු, අන්‍යෝනත්‍යාව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමන් වෙත ලැබී ඇති බව ද කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.