Friday, April 26, 2024

General line - 0115112241

රජයේ සියලු තොරතුරු එකම තැනකින්




ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවනු ඇති.

රජයේ සියලූ තොරතුරු මාධ්‍යයන් වෙත නියම ආකාරයෙන් ලබාදීම මේ හරහා සිදු කෙරෙනවා. රජයේ නිල තොරතුරු ප‍්‍රකාශකයා ලෙසද එම මධ්‍යස්ථානය කටයුතු කරනු ඇති.

අංග සම්පූර්ණ සහ විශ්වාසනීය තොරතුරු නියමාකාරයෙන් මාධ්‍ය වෙත ලබාදීම මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමේ ප‍්‍රධාන අරමුණයි.