Monday, May 6, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් ටැන්සානියාවේ 155ක් මරුට




ටැන්සානියාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 155 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය කාසිම් මජලිවා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත්තේ පවතින ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පුද්ගලයින් ලක්ෂ 02ක් පමණ පීඩාවට පත්ව ඇති බවද එරට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම නිවාස පනස් එක් දහසකට බලපෑම් එල්ලවී ඇතැයිද සඳහන්.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන මාසය දක්වා පැවැතිය හැකි බවයි එරට කාලගුණ බලධාරින් අනාවැකි පළකරන්නේ.