මැතිවරණවලට පෙර අපේක්ෂකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ ද වාර්ෂිකව එම ලේඛන ඇගයීමේ ක්‍රමවේදයක් නොමැති බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එම තත්ත්වය නිසා ඕනෑම කෙනෙකුට තමන්ට කැමති ආකාරයේ ලේඛන ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.
මහජනතාවට දැන ගැනීම සඳහා මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සිය වත්කම් බැරකම් ස්වෙච්ඡාවෙන්ම ප්‍රසිද්ධ කළ හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයන්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ පළමු ආදර්ශය ලබාදිය හැකි බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ.