Tuesday, March 4, 2025

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් මාධ්‍යට නිරාවරණය කළ පොලිස් ප්‍රධානියෙකු සම්බන්ධව විමර්ශනයක්



සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

අතුරුගිරිය පොලිස් ස්ථානයේදී සැකකරුවන් මාධ්‍යයට නිරාවරණය වන ආකාරයට ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් එම විමර්ශන සිදු කරන ලෙසයි ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

අදාළ සැකකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කළ ආකාරය මාධ්‍යයට නිරාවරණය වීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද විවේචන එල්ල වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අදහස් දැක්වූයේ මෙලෙසයි.