Tuesday, March 4, 2025

General line - 0115112241

අධිකරණ ක්‍රියාවලිය විහිළුවක් කර නොගත යුතු බව අධිකරණ ඇමති කියයි



අධිකරණ ක්‍රියාවලිය විහිළුවක් කර නොගත යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති බැවින් එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම අදහස් පළ කළේ අදාළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදීයි. 

එම ප්‍රශ්නයට අමාත්‍ය විජයදාස පළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ.