පාතාල කල්ලි සාමාජික හීනටියන සංක විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන සිදුකර ඇති බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම බන්ධනාගාර අධිකාරිවරයාගේ කටුනායක ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ඊයේ පස්වරු 5ට යතුරු පැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබෙනවා.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු නිවසේ සිටි බන්ධනාගාර අධිකාරිවරයාගේ පියා වෙත දුරකථනය ලබා දි ඇත්තේ ඇමතුමක් ඇති බව පවසමින්.
ඊට ප්‍රතිචාර දැක්වූ විට ඇමතුමේ රැඳී සිටි පුද්ගලයා පවසා ඇත්තේ තමන් ඩුබායිහි රැඳී සිටින හීනටියන සංක බවයි.
බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සිය සමීපතයන්ට නිදහසේ සිටිමට අවස්ථාව ලබා දෙන ලෙසත් එලෙස හිරිහැර කළහොත් අධිකාරිවරයා මරා දමන බවටත් ඔහු අදාළ නිලධාරියාගේ පියාට පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් කටුනායක පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මෙම බන්ධනාගාර අධිකාරිවරයා බුස්ස බන්ධනාගාරයේ රාජකාරි සඳහා යොමු කර ඇත්තේ මීට මාසකට පමණ පෙරයි.
ඔහුගේ උපදෙස් සහ මෙහෙයවීම මත බන්ධනාගාර තුළ විටින් විට වැටලීම් සිදු කර ප්‍රබල ඝණයේ අපරාධකරුවන් සතුව තිබු ජංගම දුරකථන රැසක් සොයා ගෙන ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.