ජනාධිපතිවරණය කල් දැමීමට කොතරම් උපාය මාර්ග යෙදුවද ජනතා පරමාධිපත්‍ය අයිතියට බලපෑම් කිරීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනාධිපතිවරණය කැඳවීම ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක් බවයි.
සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය ලෙස පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන බවත් දුරකතනය ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.