මාර්ගගත ක්‍රමය ඔස්සේ සංචාරකයන්ට විසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිළිනොගන්නා බව එම කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු 12දෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා.
එම මන්ත්‍රීවරුන් අතරට ශෙහාන් සේමසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, සුරේන් රාඝවන්, දුමින්ද දිසානායක ද අයත්.
ඊට අමතරව නිමල් සිරිපාල ද සිල්වා, සීතා අරඹෙපොළ, අනුප පැස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම පිරිසට අයත් වනවා.
කාරක සභාව වෙත ලැබුණු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධ සංඛ්‍යා ලේඛන එකිනෙකට පරස්පර විරෝධී හෙයින් වාර්තාවේ සඳහන් කරුණුවලට එකඟ නොවන බවයි එම කාරක සභාවේ සාමාජිකයන් පෙන්වා දි ඇත්තේ.
ඒ අනුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරන්නැයි මුදල් කාරක සභාවේ සාමාජිකයන් විසින් එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියාසිටියා.
එහෙත් එම ඉල්ලීම පිළිබද නොසලකා මුදල් කාරක සභාවේ සභාපතිවරයා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් කියාසිටියේ.