ඉදිරි දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කෙටි කාලීන ආර්ථික ක්‍රමයකට සීමා නොවී ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් නිර්මාණය කළ යුතු බවයි අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.
ආර්ථික පරිවර්ථන පනත තුළින් රටේ ආර්ථිකය ඉහළ නංවා ගැනීමට හැකියාවක් පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.