Wednesday, March 5, 2025

General line - 0115112241

ෆොන්සේකා සජබ තනතුරුවලින් ඉවත් කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක්



පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණයක් ගැනීමට සූදානම් වනවා.

ඔහු පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් ලබාදි ඇති වාරණය ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබද තීරණයක් ගැනීමට සූදානම් වන බවයි සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ