ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ රටේ ආර්ථික හා දේශපාලනය සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.
කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂයට කිසිදු දේශපාලන පක්ෂකයට අභියෝගයක් කළ නොහැකි බවයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මාතලේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවේ නව දේශපාලන වැඩපිළිවෙලක් සඳහා සියලුදෙනා ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසුවේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවති සංවර්ධන වැඩපිළිවෙලවල් වෙනස් වී ඇති බවයි.