Wednesday, March 5, 2025

General line - 0115112241

අමෙරිකාවේ හිටපු ජනපති ට්‍රම්ට වෙඩි තැබූ පුද්ගලයා හඳුනා ගැනේ - ජනපති රනිල්ගෙනුත් විශේෂ නිවේදනයක්



අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පගේ වෙඩි ප්‍රහාර එල්ල කර පුද්ගලයා එරට ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ වෙඩි ප්‍රහාර එල්ල කර පුද්ගලයාගේ අන්‍යන්‍යතාවය මේ වනවිට තහවුරු කරගෙන තිබෙන බවයි.

තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අමෙරිකානු රහස් ඔත්තු සේවය පවසනවා.

කෙසේවෙතත් ප්‍රහාරය සඳහා හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

වෙඩි ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතව සිට ට්‍රම්ප් මේ වනවිට නිව් ජර්සි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් රැස්වීම සඳහා පැමිණ සිටි සාමාන්‍ය වැසියෙකුද බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම අවස්ථාවේදී තුවක්කුකරු විසින් වෙඩි ප්‍රහාර 04ක් හෝ 05ක් එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තුවක්කුකරුවන් සහ ආරක්ෂක අංශ අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී අදාළ වෙඩික්කරු මිය ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ මෙම ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙලා දකින බවයි.

ඩොනල් ට්‍රම්ප් ජනාධිපතිවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳ අසා තමා කම්පනයට පත් වූ බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට නිරුපද්‍රිතව සිටීම සතුටට කරුණක් බවත් නිවේදනයන් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

දේශපාලනය තුළ ශ්‍රී ලාංකිකයින් ද මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇති බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ලබන නීතිවලට අනුගතව කටයුතු කරන ලෙසයි.