ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට 'දේශප්‍රේමී ජන බලවේගය (DJB)' තීන්දුකර ඇති බව වාර්තාවනවා.
දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ ඡන්ද සලකුණ වන්නේ, ''රයිනෝසිරස් ''ය.
මිට ඉහත දී 'දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය' නමින් පෙනී සිටි මෙම පක්ෂය, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේවනවිට සිය පක්ෂයේ නම 'දේශප්‍රේමී ජන බලවේගය' ලෙස සංශෝධනය කර තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වූ මෙම පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී සහය දැක්වුයේ පොහොට්ටු පක්ෂය වෙතයි.
මෙම පක්ෂයේ මහ ලේකම් සුගත් හේවාපතිරණ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ සමීපතම හිතවතකු ලෙස සැලකෙනවා.