කිලිනොච්චිය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරත වූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම බලකායේ කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
කිලිනොච්චිය, පන්නංකන්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝවකට වැඩි ප්‍රමාණයක් ද සොයාගත් බවයි පොලිසියි පැවසුවේ.
වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකරු කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.