Wednesday, March 5, 2025

General line - 0115112241

මොළේ උණ වැළඳී ගාල්ලේ රැඳවියෙක් මරුට - තවත් තිදෙනෙකු රෝහලේ



මොළේ උණ වැලදීම හේතුවෙන් ගාල්ල බන්ධනාරයේ රැදවියෙකු මියගොස් තිබෙනවා.

එම රෝගය වැළදුනු බවට සැකකෙරෙන තවත් රැදවියන් තිදෙනෙකු හදුනාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ඔවුන් තිදෙනා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ගාල්ල බන්ධනාගාරයේ සියලු දෙනාට මොළේ උණ රෝගය සදහා ලබාදෙන ඖෂධ ලබාදී ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

ගාල්ල බන්ධනාගාරයේ මොළේ උණ පැතිරයාම වැළැක්වීම සදහා ගතයුතු පියවර සම්බන්ධයෙන් බන්ධනාගාර උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.