පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති 85 හැවිරිදි ඇල්බර්ටෝ ෆුජිමෝරි 2026 දී ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මේ බව ඔහුගේ වැඩිමහල් දියණිය වන දක්ෂිනාංශික Fuerza Popular පක්ෂයේ නායිකා කීකෝ ෆුජිමෝරි සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.
නිවේදනය කර තිබියදීත්, පේරු නීතිය පවසන්නේ දූෂණ ක්‍රියාවන්ට වැරදිකරු වන ඕනෑම කෙනෙකුට ජනාධිපති හෝ උප ජනාධිපති ධුරය සඳහා තරඟ කළ නොහැකි බවයි.
1992 දී ඔහුගේ පාලන සමයේදී පේරු ජාතිකයින් 25 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බවට 2009 දී වරදකරු වූ ෆුජිමෝරිට දූෂණ චෝදනා තුනක් ඇති අතර,2007 වසරේ චිලී රාජ්‍යයෙන් පිටුවහල්ව සර 25ක් පේරු බන්ධනාගාරයේ සිරගතව සිට පසුගිය දෙසැම්බර් මාසයේ නිදහස ලැබීය.
85 හැවිරිදි ෆුජිමෝරි විවිධ රෝගවලින් ද පීඩා විඳින්නෙක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
49 හැවිරිදි කීකෝ ෆුජිමෝරි වැඩිමහල් දියණියද තුන් වතාවක්ම ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ඇති අතර ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා මත ඇයට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ