හොරණ, කුඹුක - නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලකගේ අවදානය යොමු වී තිබෙනවා.
ඒ, අදාළ ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් ඊයේ සිදුකල අනාවරණය හමුවේයි.
පාසල් දරුවන්ගේ මව්පියන් විසින් චෝදනා එල්ල කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන් පාසල ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිනිය ද වෙනත් පාසලකට ස්ථාන මාරු කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පෙත්සම් යොමු කළ ද ඊට මෙතෙක් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව මව්පියන් චෝදනා කරනවා.
එවන් පසුබිමක් තුළයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අදාළ පාසලේ ගැටළුව සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇත්තේ.