2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ.
ඒ අනුව අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එදින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීමටයි යෝජනා කර ඇත්තේ.
2026 ජනවාරි පළමුවනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එදින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නැංවීමටයි යෝජනා කර ඇත්තේ.