අතුරුගිරිය, කපුරුගොඩ පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන පනාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසි වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.